Search

වෙස්ට්පැක් බැංකුවේ දළ ලාභය $ බිලියන 7.19 ක් දක්වා ඉහළට

පසුගිය මූල්‍ය වර්ෂයේදී වෙස්ට්පැක් බැංකුවේ දළ ලාභය ඩොලර් බිලියන 7.19 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය පෙර වසරට වඩා සියයට 26 ක ඉහළයාමක් ලෙසයි සටහන් වන්නේ.

මෙම ඉහළ ලාභයත් සමග ඩොලර් බිලියන 1.5 ක කොටස් ආපසු මිළදී ගැනීමටද වෙස්ට්පැක් බැංකුව තීරණය කර තිබෙනවා.

මේ අනුව කොටස් හිමියන්ට හිමිවන ලාභාංශවල වටිනාකමද සියයට 72 ක් දක්වා ඉහළයාමට නියමිතයි.

එය පෙර වසරට වඩා සියයට 12 ක වර්ධනයක් වනවා.