Search

ඔස්ට්‍රේලියා ගුරු උපාධි අපේක්ෂකයින්ට $ 40,000 ක ශිෂ්‍යත්ව – ඉල්ලුම්පත් ලබන සඳුදා සිට

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40,000 ක් බැගින් වන ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ දී අදාළ සුදුසුකම් සහිත අධ්‍යාපනවේදී උපාධි අපේක්ෂකයින් 5000 ක් හට ශිෂ්‍යත්ව හිමිවන අතර ඒ සදහා ඩොලර් මිලියන 160 ක ප්‍රතිපාදන වෙන් වනු ඇති.

උපාධි අපේක්ෂකයින් හට ලබන සඳුදා දින සිට ශිෂ්‍යත්ව සදහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා.

2023 වසරේ අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා සදහා ඉල්ලුම් කර ඇති පිරිස සියයට 20 කින් පහළ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

වසර 04 ක උපාධි කාලසීමාව අවසන් වන තුරු අදාළ ප්‍රතිලාභ හිමිවනු අතර වසර 04 අවසානයේ පශ්චාත් උපාධිය සදහා ද ඩොලර් විසිදහසක ශීෂ්‍යත්වයක් හිමිකර ගැනීමට විද්‍යාර්ථීන්ට හැකියාව ලැබීම විශේෂත්වයක්.

මේ අතර ශිෂ්‍යත්වලාභීන් අවම වශයෙන් වසර 04 ක් රජයේ පාසැල්වල හෝ පූර්ව ඉගෙනුම් මධයස්ථාන වල සේවය සදහා කැපවීම අනිවාර්ය වනවා.

අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් අවධාරණය කළේ ගුරු හිගය විසදීම සදහා නව ශිෂ්‍යත්ව ක්‍රමය උපකාරි වන අතර ලොව පවතින උතුම්ම වෘත්තිය රැකගැනීම තම රජයේ අරමුණ බවයි.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »