අනවසර පිවිසීම් සිදුවන බවට වන සැක හමුවේ මාසිකව MyGov ගිණුම් දහස් ගණනක් අක්‍රීය කෙරෙන බව ෆෙඩරල් රජය අද නිවේදනය කලා.
Centrelink – Medicare සහ ඔස්ටේ්‍රලියානු බදු කාර්යාල සේවා ලබාගැනීම සඳහා නිර්මාණය කරන ලද ගිණුම් මේ අතර වන බව සඳහන්.
මෙම වසර තුළදී විවිධ ඔන්ලයින් වංචාවලට හසුවීමෙන් ඔස්ටේ්‍රලියානුවන් විසින් අහිමි කරගෙන ඇති මුදල ඩොලර් බිලියන 3.1 ක් බව රජයේ සේවා අමාත්‍ය බිල් ෂෝට්න් සඳහන් කරනවා.
MyGov ගිණුම් සම්බන්ධ වංචා 4500 ක් ද ඒ අතර වන බවයි ඔහු කියාසිටියේ.
මෙම සයිබර් ප්‍රහාර රැසකට මූලික හේතුව බවට පත්වී ඇත්තේ ඔස්ටේ්‍රලියානුවන් විසින් ඉතා සරළ මුරපද යොදා ගැනීම මෙන්ම එකම මුරපදය ගිණුම් රැසකට යොදා ගැනීමයි.
මේ අතර ප්‍රාන්ත කිහිපයක බැංකු කාඩ්පත් වංවාවකට සම්බන්ධ පෝලන්ත සහ රුමේනියානු ජාතික සැකකරුවන් දෙදෙනෙකු ක්වීන්ස්ලන්ඩ් සිට වික්ටෝරියා වෙත පිටුවහල් කර එවා තිබෙනවා.
22 හැවිරිදි සහ 35 හැවිරිදි මොවුන් අද මෙල්බන් අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අවස්ථා 44 කදී මොවුන් විසින් සිදුකර ඇති වංචාවල එකතුව ඩොලර් 102,000 කට ආසන්න බවයි පැවසෙන්නේ.