අගමැති ධුරයට පත්වීමෙන් පසු ඇන්තනී ඇල්බනීස් ගේ ජනප්‍රියත්වය පහළම අගය සටහන් කර තිබෙනවා.
නවතම නිවුස්පෝල් සමික්ෂණයට අනුව සියයට 51 ක් ලෙස පැවති අගමැතිවරයාගේ ජනප්‍රියත්වය මේ වනවිට සියයට 46 ක් දක්වා අඩුවී ඇති බව සඳහන්.
2022 වසරේ මැයි මාසයේදී ෆෙඩරල් මැතිවරණය ජයගැනීමෙන් පසු ඇන්තනී ඇල්බනීස් ගේ ජනප්‍රියත්වය සියයට 50 ට වඩා අඩුවූ පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයක්.
මේ අතර විපක්ෂ නායක පීටර් ඩට්න් ගේ ජනප්‍රියත්වය සියයට 31 සිට 36 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම ප්‍රධාන පක්ෂ 02 සැළකීමේදීත් පාලක ලේබර් පක්ෂයේ ජනප්‍රියත්වය අඩුවී විපක්ෂ ලිබරල් සන්ධානයේ ජනප්‍රියත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.
ස්වදේශික හඩ ජනමත විචාරණයේ ප්‍රථිඵලය මීට ප්‍රධාන හේතුව බවයි නිවුස්පෝල් සමීක්ෂණ වාර්තාව දක්වා ඇත්තේ.