Search

චීන ජනපති – අගමැති ඇන්තනී ඇල්බනීස් නිල හමුව අද රාත්‍රියේ

චීන ජනාධිපති ෂී ජිංපිංග් සහ එරට නිල සංචාරයක නිරත වන අගමැති ඇන්තනී ඇල්බනීස් අතර නිල හමුව අද රාත්‍රියේ පැවැත්වෙනවා.

මෙම හමුව ධනාත්මක අයුරින් පැවැත්වෙනු ඇතැයි තමා විශ්වාසය පළකරන බවයි අගමැති ඇල්බනීස් සඳහන් කර ඇත්තේ.

දෙරට අතර වෙළඳ සම්බාධක ඉවත් කරගැනීමට අවසන් එකගතා කිහිපයකට මෙහිදී එළඹෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මෙම සම්බාධක හේතුවෙන් චීනය සහ ඔස්ටේ්‍රලියාව අතර ඩොලර් බිලියන 02 කට ආසන්න වෙළඳ ගණුදෙනු ඇණහිට තිබෙනවා.

වසර 07 කට පසු ඔස්ටේ්‍රලියානු අගමැතිවරයෙකු චීනයේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයක්.