ක්වීන්ස්ලන්ඩ් තරුණයන් සඳහා ගිනි අවි – තියුණු ආයුධ නීති තවත් දැඩි කෙරේ

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය පුරා පැතිර පවතින තරුණ අපරාධ අවම කිරීමේ අරමුණ ඇතිව තරුණයන් සඳහා වන අවි ආයුධ භාවිත නීති තවත් දැඩි කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් තෙරෙන අදාළ නීති සංශෝධන සම්මත වුවහොත් අවුරුදු 18 ට අඩු තැනැත්තන්ට පිහි ඇතුලු තියුණු ආයුධ / ගිනි අවි වැනි භයානක දෑ අලෙවියට දැඩි නීති පැණවෙනු ඇති.

එම නියමයන් කඩකරන අලෙවි කරන මෙන්ම මිළදී ගන්නා පාර්ශව වෙතද දඩුවම් නියම කිරීමට නියමිතයි.

ව්‍යාජ හැඳුනුම්පත් යොදාගෙන අදාළ ද්‍රව්‍ය මිළදී ගැනීමට තැත්කරන පුද්ගලයන් සඳහාද දැඩි නීති පැණවීමටයි අදාළ නීති හරහා යෝජනා කර ඇත්තේ.

මෙම වසරේ මුල් මාස 06 තුළදී පමණක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් අවි ආයුධ සහ තියුණු ආයුධ නීති කඩ කල 1,000 කට වැඩි පිරිසකට එරෙහිව චෝදනා ගොණු කිරීමට පියවර ගෙන තිබුණා.

ක්වීන්ස්ලන්ඩ් හි තරුණ අපරාධකරුවන් අතුරින් සියයට 60 ක් පමණ නැවත නැවතත් එකම වරදට බන්ධනාගාර ගතවීමේ ප්‍රවණතාවයක් පවකින බව ඵලදායිතා කොමිසම නිකුත් කල වාර්තාවක සඳහන්.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »