IMF උපදෙස් මත ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් අවලංගු හෝ කල් දැමෙන ළකුණු

උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ ඇතැම් ඉදි කිරීම් ව්‍යාපෘති අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදුවිය හැකි බවට ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අනාවැකි පළකරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදී ඇති උපදෙස් අනුව එම පියවර ගැනීමට සිදුවන බවයි ඔහු සඳහන් කලේ.

පැවති ලිබරල් සන්ධාන රජය සමයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 650 ක් පමණ ආරම්භ කර ඇති අතර ඒවා වෙනුවෙන් ගෙවිමට ඉතිරිව පවතින හිග මුදල ඩොලර් බිලියන 33 ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව මෙම ව්‍යපෘති සඳහා වන ගෙවීම් පිළිබඳව ප්‍රාන්ත රජයන් සහ ෆෙඩරල් රජය මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් තවදුරටත් කියාසිටියේ.

මීළග පොළී අනුපාතික වෙනස පිළිබඳ තීරණයට ෆෙඩරල් සංචිත බැංකුව හෙට (07) දිනයේදී රැස්වීමට නියමිතයි.

එහිදී පොළී අනුපාතික ඉහළ දැමීමේ ෆෙඩරල් සංචිත බැංකු තීරණයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනටමත් සහය පළකර අවසන්.

ඒ අනුව මෙම වසර තුළදී පොළී අනුපාතික අගය ඉහළ යන 05 වන අවස්ථාව මෙන්ම පසුගිය වසරේ මැයි මාසයේ සිට cash rate අගය වැඩි වූ 13 වන අවස්ථාව බවට එය පත්වනවා.

උද්ධමනය පාලනය සඳහා ඉදිරි මාසවලදීත් පොළී අනුපාතික ඉහළ දැමීමට සිදුවනු ඇති බවටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනාවැකි පළකර තිබෙනවා.

SOURCE : https://www.skynews.com.au/australia-news/some-difficult-decisions-federal-treasurer-jim-chalmers-warns-of-infrastructure-projects-likely-to-be-delayed-or-cancelled/news-story/ef3444080c22e1083b7c01af27f01c06

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »