ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත නව ඩිජිටල් රියදුරු බලපත්‍රයේ තාක්ෂණික දෝෂ මුලුමණින්ම යථා තත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
පසුගිය බදාදා සිට නව ඇප්ලිකේෂනය බාගත කිරීමට අවස්ථාව හිමිවුවද එහි ඇතැම් විශේෂාංගවල දෝෂ පවතින බවටයි පරිශීලකයන් විසින් පැමිණිලි කර තිබුණේ.
පසුගිය සෙනසුරාදා පෙරවරු 09 වනවිට 98,000 කට වැඩි පිරිසක් එය සිය ජංගම දුරකථනවලට බාගත කරගෙන තිබුණා.
කෙසේවෙතත් සියලු දෝෂ යථා තත්වයට පත් කිරීමට සතියකට ආසන්න කාලයක් ගතවිය හැකි බවයි ක්වීන්ස්ලන්ඩ් බළධාරීන් දන්වා සිටින්නේ.
අදාළ ඩිජිටල් රියදුරු බපලත්රය වලංගු අනන්‍යතා සහතිකයක් වන බැවින් විවිධ කටයුතුවලදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා සාමාන්‍ය රියදුරු බලපත්‍රය මෙන්ම මෙම ඩිජිටල් රියදුරු බලපත්‍රය ද භාවිත කිරීමේ හැකියාව පවතිනවා.
කෙසේ වෙතත් දැනට පවතින භෞතික රියදුරු බලපත්‍රය කල් ඉකුත් වු විට අදාල මුදල් ගෙවා එය නැවත අලූත් කර ගැනීම ද අනිවාර්ය වනවා.
දැනට නිවු සවුත් වේල්ස් සහ දකුණු ඔස්ටේ්රලියාවේ මෙවැනි ඩිජිටල් රියදුරු බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක වන අතර වික්ටෝරියා ප්‍රාන්තය ලබන වසරේදී එවැන්නක් හඳුන්වාදීමට නියමිතයි.