මෙහෙකාරියට $ 136,000 ක වන්දි ගෙවන්නැයි ඔස්ට්‍රේලියාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස්ට නියෝග

ඉන්දීය ජාතික කාන්තාවකගෙන් කම්කරු නීති අභිබවා සේවය ලබා ගැනීමේ චෝදනා ලැබූ ඔස්ට්‍රේලියාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස්වරයාට ඩොලර් 136,000 ක වන්දියක් නියම කර තිබෙනවා.

එවක ඉන්දිය මහ කොමසාරිස් ලෙස කටයුතු කල නව්දීප් සූරි සිං වෙත ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝග කර ඇත්තේ දින 60 ක කාලයක් තුළ අදාළ කාන්තාවට මෙම වන්දි මුදල ගෙවන ලෙසයි.

මෙම තැනැත්තිය 2015 වසරේ අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර වසරකට වැඩි කාලයක් මහ කොමසාරිස්වරයාගේ කැන්බරා නුවර පිහිටි නිවසේ සේවය කර තිබෙනවා.

සතියේ දින 07 ම, දිනකට පැය 17 1/2 ක් බැගින් ඇය සේවයෙහි යොදවා තිබී ඇතැයිද අධිකරණයේදී අනාවරණය වුණා.

කෙසේවෙතත් වැටුප් ලෙස ඇයට හිමිවී ඇති මුලු මුදල වන්නේ ඩොලර් 3,400 ක් පමණක් බවයි පැවසෙන්නේ.

නව්දීප් සූරි සිං, ඊජිප්තුවේ තානාපතිවරයා ලෙස කටයුතු කරන විටද ඇය තානාපති නිවසෙහි සේවය කර ඇති නමුත් ඔස්ට්‍රේලියාවේ දී මෙන් තමන්ගෙන් ශ්‍රමට සූරා කෑමක් සිදු නොවූ බව වින්දිත කාන්තාව අධිකරණයේදී සඳහන් කර තිබුණා.

2016 වසරේදී මෙම තැනැත්තිය මහ කොමසාරිස් නිවසින් පළාවිත් Fair Work Ombudsman වෙත පැමිණිලි කර ඇති අතර ගැලවීමේ හමුදාවේ උපකාර ලබාගෙන තිබෙනවා.

ඇයට 2021 වසරේදී ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පවා ලැබී ඇති බවද සඳහන්.

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »