ඔස්ට්‍රේලියානු රියදුරන් අතුරින් 1/4 කට වැඩි පිරිසක් හෙවත් සියයට 27.5 ක් පමණ පසුගිය වසර තුළදී මාර්ග තුළදී කුමන හෝ ප්‍රකෝපකාරී සිදුවීමකට මුහුණ පා තිබෙනවා.
සෙසු රියදුරන් සමග මෙන්ම පොලිස් නිළධාරීන් සම්බන්ධ වූ සිදුවීම් ද මේ අතර වන බව සඳහන්.
සමීක්ෂණ වාර්තාවකට අනුව වැඩිම පිරිසක් එවැනි සිදුවීම්වලට ලක්වී ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේදී වන අතර එය සියයට 32 ක්.
දෙවන ස්ථානයට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පත්වී ඇත්තේ සියයට 27 ක ප්‍රතිශතයක් සටහන් කරමිනුයි.
වික්ටෝරියා සියයට 26.4 ක් / බටහිර ඔස්ට්‍රේලියාවේ සියයට 24.5 ක් සහ දකුණු ඔස්ට්‍රේලියා රියදුරන්ගෙන් සියයට 22 ක් මෙවැනි අත්දැකීම්වලට මුහුණ පා ඇති බවයි අනාවරණය වන්නේ.
1,000 ක පිරිසක් සහභාගී වූ සමීක්ෂණයකදී සියයට 78 ක් පවසා ඇත්තේ තමන් මාර්ග ප්‍රකෝප සිදුවීම් නිරීක්ෂණය කර ඇති බවයි.
සියයට 17 ක් එවැනි සිදුවීම්වල වින්දිතයන් බවට පත්වී ඇති අතර සියයට 4.3 ක් තමන් එහි චූදිතයන් බව පිළිගෙන තිබෙනවා.