Search

ක්වීන්ස්ලන්ඩ් වාහන සොරකම් ඉහළට – SMS හරහා දැනුම්දීමේ නව නියමු ව්‍යාපෘතියක්

වාහන සොරාගැනීම් සිදුවීම්වලදී වගකිව යුතු පාර්ශව වෙත ඒ බව කෙටි පණිවිඩ හරහා දැනුම්දීමේ නව නියමු ව්‍යාපෘතියක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එවැනි සිදුවීමක් තහවුරු වූ වහා සියලු තොරතුරු පාසල් – ටැක්සි සේවා – සමාජ සේවා ආයතන සහ රජයේ කාර්යාල වෙත දැනුම් දීම සිදුවනවා.

ක්වීන්ස්ලන්ඩ් හි වාහන සොරකම් වැඩිම වශයෙන් සිදුවන මවුන්ට් ඉසා ප්‍රදේශයෙන් පළමුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

පසුගිය මාසය තුළදී පමණක් බාලවයස්කරුවන් 06 දෙනෙකුට මෙවැනි චෝදනා 95 ක් යටතේ නඩු පවරා තිබුණා.

මෙහි සාර්ථකත්වය මත අනෙකුත් ප්‍රදේශවලද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »