Search

ඔස්ට්‍රේලියාවේ බලශක්ති සහ පතල් රැකියාවල නිරත කාන්තාවන්ගේ අඩුවක්

ඔස්ට්‍රේලියාවේ බලශක්ති සහ පතල් කර්මාන්ත ක්ෂේත්‍රයට පිවිසෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවී තිබෙනවා.

Clean Energy කවුන්සිලය විසින් සිදුකර ඇති සමීක්ෂණයකට අනුව මෙරට පුනර්ජනනීය බලශක්ති රැකියාවලින් කාන්තාවන් නියෝජනය කරනුයේ සියයට 39 ක් පමණයි.

පතල් ක්ෂේත්‍රයේ රැකියාවල එය සියයට 20.2 ක් වැනි තවත් අඩු අගයක පවතින බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පවසන්නේ.

විදුලිය – ගෑස් සහ ජල සේවා අංශයේ රැකියාවල නිරත කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට 26.7 ක් ලෙස සටහන් වනවා.

මෙම ප්‍රවණතාවය අඛණ්ඩව පැවතියහොත් 2030 වසර වනවිට නියමිත බලශක්ති රැකියා ඉලක්ක සපුරා ගැනීම දැඩි අසීරුවත් වනු ඇති බවටයි මත පළවන්නේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »