චීන නිල සංචාරය ආරම්භ කරමින් අගමැති ඇල්බනීස් ෂැංහයි නුවරට

චීන නිල සංචාරය ආරම්භ කරමින් අගමැති ඇන්තනී ඇල්බනීස් ෂැංහයි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගාවී තිබෙනවා.

වසර 07 කට පසු එරට නිල සංචාරයක නිරත වන පළමු ඔස්ටේ්‍රලියා අගමැතිවරයා බවට ඔහු පත්වීම විශේෂත්වයක්.

චීන ජනාධිපති ෂී ජිංපින් ඇතුලු පාර්ශව රැසක් සමග ෂැංහයි සහ බෙයිජිං යන නගරවලදී සාකච්ඡා කිරීමටයි ඇන්තනී ඇල්බනීස් සූදානමින් සිටින්නේ.

දැනට දෙරට අතර ඇණහිට ඇති ඇතැම් වෙළඳ සබඳතා නැවත යථා තත්වයට ගෙන ඒම මෙහි මූලික අරමුණයි.

මේ අතර සිවිල් ක්‍රියාකාරීන් රඳවා තබා ගැනීම් පිළිබඳ චීන බලධාරීන්ගේ අවධානය යොමු කරන බවද අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කලා.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »