නොසැලකිලිමත්ව රිය ධාවනය කරන තරුණ රියදුරන්ට එරෙහිව නීතිය දැඩි ව ක්‍රියාත්මක කරන බව නිවු සවුත් වේල්ස් පොලීසිය පවසනවා.
නියමිත වේග සිමා ඉක්මවා රිය ධාවනය කරන තරුණ පිරිසගේ වැඩිවීමක් සිදුව තිබීම ඊට හේතුවයි.
වසරේ ගෙවී ගිය මාස කිහිපය තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රිය අනතුරු වලින් මියගිය ගණන 241 ක් වන අතර එය පසුගිය වසරට වඩා සියයට 33 ක ඉහළයාමක්.
වික්ටෝරියා ප්‍රාන්තයේ 197 දෙනෙකු මරණයට පත්ව ඇති අතර එය පෙර වසරට වඩා මරණ 40 ක වැඩිවීමක් බව සදහන්.
අධික වේගය, බීමත්ව රිය පැදවීම, රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිතය සහ වෙනත් රථවාහන වැරදි කිහිපයක් මුල්කරමින් පොලීසිය මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
නිව් සව්ත් වේල්ස් ප්‍රාන්තයේ අහඹු පරීක්ශණ 1900ක් අතුරින් පුද්ගලයින් 20ක් පමණ බීමත්ව රිය ධාවනය කර ඇති බව සොයාගෙන ඇති අතර මත්ද්‍රව්‍ය පරීක්ෂාවන් 760ක් අතුරින් පුද්ගලයින් 43 දෙනෙකු පමණ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කර ඇති බවයි සොයාගෙන ඇත්තේ.