ක්වීන්ස්ලන්ඩ් ස්ථාන කිහිපයක පැවති ලැව්ගිනි අවධානම පහව යයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය පුරා ස්ථාන කිහිපයක පැවති ලැව්ගිනි අවධානම පහව ගොස් තිබෙනවා.

පසුගිය දිනවල වර්ෂා ඇදහැලීම සහ උෂ්ණත්වයේ තරමක අඩුවිම ඊට හේතුවී ඇති බව සඳහන්.

කෙසේවෙතත් මේ වනවිටත් ලැව්ගිනි 60 කට ආසන්න සංඛ්‍යාවක් තවමත් සක්‍රීයවයි පවතින්නේ.

ඉන් 20 ක් පමණ අවධානම් තත්වයේ ඒවා බව ක්වීන්ස්ලන්ඩ් ආපදා සහන අංශ සඳහන් කරනවා.

පැවති ලැව්ගිනි හමුවේ හෙක්ටයාර 20,000 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී පැවති බවටද හෙළිකරගෙන තිබෙනවා.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »