ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප ගන්නා ලාංකික CEO සිටින Macquarie සමූහයේ ලාභය 39% කින් පහළට

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ෂෙමාරා වික්‍රමනායක ප්‍රධාන විධායක නිළධාරී තනතුර හොබවන ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මූල්‍ය සමාගමක් වන මැකරි සමූහයේ වාර්ෂික ලාභය කැපී පෙනෙන ලෙස පහළගොස් තිබෙනවා.

මෙම මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා ඔවුන්ගේ ශුද්ධ ලාභය සියයට 39 කින් පහළ ගොස් ඇති බව සඳහන්.

වෙළඳපොළ අභියෝග මීට මූලික හේතුව වූ බවයි ප්‍රධාන විධායක නිළධාරී ෂෙමාරා වික්‍රමනායක නිවේදනය කර සිටින්නේ.

මේ අතර ඩොලර් බිලියන 02 කට ආසන්න වටිනාකමින් යුත් කොටස් ආපසු මිළදී ගැනීමක් සඳහාද මැකරි සමූහයේ විධායක මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා.

ෂෙමාරා වික්‍රමනායක සැළකෙන්නේ ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප ලබන ප්‍රධාන විධායක නිළධාරිනිය ලෙසයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »