වික්ටෝරියා පොලිස් ස්ථාන විවෘතව තබන වේලාවන් අඩු කෙරේ

සේවක හිගය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් ස්ථාන ඉදිරියේදී මහජනතාව වෙනුවෙන් විවෘතව තබන වේලාවන් අඩු කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව පොලිස් ස්ථාන 43 ක කාර්ය බහුල නොවන වේලාවන් හිදී විවෘතව තබන පැය ගණන අඩු කෙරෙනු ඇති.

බොහෝ දුරට සවස් කාලයේදී මෙලෙස පැය ගණන කප්පාදු කෙරෙන අතර මෙම යෝජනාව සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂය අප්‍රසාදය පළකරනවා.

පොලිස් ස්ථානයක් වසා තැබීම යනු මහජන ආරක්ෂාවට සෘජු බලපෑමක් බවයි ප්‍රාන්ත ඡායා පොලිස් ඇමති බ්‍රැඩ් බැටින් පෙන්වා දෙන්නේ.

පොලිස් ස්ථානයක් යනු පැය 24 ම විවෘතව පැවතිය යුතු ස්ථානයක් බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

පසුගිය වසරට වඩා මෙම වසරේදී වික්ටෝරියා පොලිස් ස්ථානවල සිටිය යුතු පොලිස් නිළධාරීන් ගණන 323 කින් අඩු අගයක පවතින බවයි මෑතකදී නිකුත් වූ වාර්තාවක සඳහන් වූයේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය අවධාරණය කරන්නේ සෑම පොලිස් ස්ථානයක්ම පැය 08 ත් 16 ත් අතර කාලයක් විවෘතව තැබීමට පියවර ගෙන ඇති බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »