වසර අවසානයේදී ඉහළ දැමීමට නියමිත අන්තර්ජාල ගාස්තු වැඩි කිරීම ඔස්ට්‍රේලියා ග්‍රාහකයන් මිලියන 5.3 කට පමණ බලපානු ඇති බවට තක්සේරු කර තිබෙනවා.
Telstra, Foxtel, Aussie Broadband, Optus යන සමාගම් විසින් වසර අවසානයේ සිදුකරන ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් වසරකට ඩොලර් 60 ත් 120 ත් අතර අගයකින් ගාස්තු ඉහළ යනු ඇති බව සඳහන්.
කෙසේවෙතත් මෙය අදාළ වනුයේ අඩු වේග සබඳතා සහිත ග්‍රාහකයන්ට පමණක් වනු ඇති.
මෙම තත්වයට මුහුණදීම සඳහා පාරිභෝගික කොමිසම විසින් යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා.
භාවිත කරන පැකේජය හෝ අන්තර්ජාල සැපයුම්කරු වෙනස් කිරීම සහ ඉහළ වේගයක් සහිත පැකේජයකට මාරු වීම එම යෝජනා අතර වනවා.