සෑම ඔස්ට්‍රේලියානුවන් 03 දෙනෙකුගෙන් එක් අයෙකු ළමා වියේදී කුමන හෝ අතවරයකට හෝ හිංසනයකට ලක්ව ඇති බව හඳුනාගෙන තිබෙනවා.
ඒ අතුරින් සියයට 31 ක් මානසිකව හිංසනයන්ට ද සියයට 28.5 ක් ලිංගික අතවරයන්ට ද සියයට 09 ක් නොසලකා හැරීමට මෙන්ම සියයට 40 කට වු වැඩි ප්‍රතිශතයක් කුඩා කල ගෘහස්ථ හිංසනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ළමා වියෙහි මුහුණු දීමට සිදුවු කම්පන සහිත අප්‍රසන්න සිදුවීම් වලින් දරුවන් මුදා ගැනීම සදහා EMDR ලෙස නම් කල නව සායනික ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා.
ළමා මානසික විශේෂඥයින් පවසන්නේ කුඩා කල හිංසනයට පත් දරුවන් නිසි ප්‍රතිකාර සදහා යොමු කිරීමේන් අනාගතයේ ඇති විය හැකි දරුණු තත්වයන්ගෙන් මුදවා ගැනීමට හැකියාව පවතින බවයි.
විශේෂයෙන් එවැනි තත්වයකට මුහුණදුන් ළමුන් වැඩිවියට පැමිණිමත් සමග සමාජ විරෝධි ක්‍රියා වලට මෙන්ම සියදිවි නසාගැනීම් වෙත පෙළඹීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බව හඳුනාගෙන තිබෙනවා.
EMDR සායනික ක්‍රමය මගින් ළමුන් හිංසනයන්ට ලක්වීමට හේතු වු මූලික කාරණයේ සිට එම තත්වයෙන් මිදීම සදහා අවශ්‍ය කායික මෙන්ම මානසික උපකාරක සේවා සැපයීම විශේෂත්වයක්.