ඉදිරියේ දී ඔස්ට්‍රේලියා මාර්ග තුළ අධි තාක්ෂණික වාහනවල ඉහළයාමක්

ඉදිරියේ දී ඔස්ට්‍රේලියාවේ මාර්ග තුළ අධි තාක්ෂණික වාහන භාවිතය කැපී පෙනෙන ලෙස ඉහළ යා හැකි බවට තාක්ෂණික විද්වතුන් මත පළකරනවා.

ඉහළ සන්නීවේදන හැකියාවන්ගෙන් යුත් අධි තාක්ෂණික වාහන භාවිතයෙන් රථවාහන තදබද මෙන්ම ජීවිත අවධානම ද ඉහළ මට්ටමකින් පාලනය කර ගත හැකි බවයි සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ.

මාස 09 කට ආසන්න කාලයක් සිදුකල අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් ලෙස එවැනි මාදිලියේ වාහන 355 ක් ධාවනයේ යොදවා අදාළ පරීක්ෂණ සිදු කර තිබුණා.

මාර්ග සංඥා, වාහන සංඥා මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා පදිකයින් පිළිබදව නිවැරදි තොරතුරු අධි තාක්ෂණික වාහන මගින් කල් තියා හදුනාගැනීමට ලැබීම විශේෂත්වයක්.

හදිසි අනතුරු සහ මාර්ග ආරක්ෂණ කේන්ද්‍රයේ ප්‍රධානීන් පෙන්වා දෙන්නේ අත්හදා බැලීමට ලක්කල රියදුරන් නව තාක්ෂණික පද්ධති සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කල බවයි.

කෙසේවෙතත් පූර්ණ ස්වයංක්‍රීය වාහන ධාවනය සදහා තවමත් ඔස්ටේ්‍රලියාව සුදානම් නොමැති නමුත් ඉහළ සන්නීවේදන හැකියාවන්ගෙන් යුත් අධි තාක්ෂණික වාහන භාවිතය සදහා රියදුරන්ට අවස්ථාව පවතින බව මහාචාර්යවරුන් සඳහන් කර සිටිනවා.

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »