එංගලන්තයෙන් නව කොරෝනා වයිරස් ප්‍රභේදයක් මතු වේ. – AusLanka TV – Australian News for the Sri Lankan community

එංගලන්තයෙන් නව කොරෝනා වයිරස් ප්‍රභේදයක් මතු වේ.

එංගලන්තයෙන් නව කොරෝනා වයිරස් ප්‍රභේදයක් මතු වේ.

එංගලන්තයෙන් නව කොරෝනා වයිරස් ප්‍රභේදයක් මතු වේ.

A new strain of COVID-19 emerges from England.

කොරෝනා වෛරසයේ තවත් අලුත් ප්‍රභේදයක් එංගලන්තයේ ගිනිකොණ දිග ප්‍රදේශයෙන් හමුවී තිබේ.

නව ප්‍රභේදය පවතින ප්‍රභේදවලට වඩා ශීඝ්‍රයෙන් පැතිරෙනවා ද, බරපතළ රෝග ලක්ෂණ ඇති වනවා ද නැතහොත් මේ වන විට නිපදවා ඇති කොවිඩ් එන්නත ඵලරහිත වේ ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු කර නොමැති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, හේතු දෙකක් නිසා මෙම නව ප්‍රභේදය පිළිබඳව විද්‍යාඥයින්ගේ අවධානය යොමු වී තිබේ.

එනම්, මෙම නව ප්‍රභේදය කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් හමුවී ඇති ප්‍රදේශවලින් හමුවී තිබීමයි. ඒ අනුව, එම ප්‍රභේදය මගින් වෛරසය ව්‍යාප්ත වීමේ ශීඝ්‍රතාව ඉහළ යාමේ අවදානමක් පවතින බවට සැක පළ කෙරේ.

ඊට අමතරව, වෛරසයේ ප්‍රභේද රාශියක් හමුවීම නිසා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීමේ ක්‍රියාවලිය සංකීරණ වීමේ අවදානමක් ද පවතින බව සඳහන් වේ.

COMMENTS