ඔස්ට්‍රේලියාවේ ගෘහ ආශ්රිත වියදම පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.8 කින් ඉහළ ගොස් තිබෙනවා.
සංඛ්‍යාලේඛන කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බරයේ ප්‍රවාහන වියදම සියයට 18.4 කින් ඉහළ ගොස් ඇති බවයි.
ඉන්ධන – ආහාර සහ සෞඛ්‍ය සේවාවන්ට අදාළ භාණ්ඩ හා සේවා සඳහා වන මිළ ගණන්වල ඉහළයාම සියයට 9.2 ක්.
මේ අතර ගෘහ භාණ්ඩ – විනෝදය සහ සංස්කෘතික කටයුතු සඳහා වන වියදම ද සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.
සෞඛ්‍ය සේවා මිළ සියයට 10.1 කින්ද / ආහාර වියදම සියයට 4.2 කින්ද / අවන්හල් තුළදී ගන්නා ආහාරපාන වියදම් සියයට 3.4 කින්ද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව වැඩි වී තිබෙනවා.
සෑම ප්‍රාන්තයකම පවුල් වියදම සාපේක්ෂව ඉහළ ගොස් ඇති නමුත් අගෝස්තු මාසයට වඩා ඉහළ වියදම් වර්ධන වේගයක් වාර්තා කර ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ පමණයි.