ක්වන්ටාස් වාර්ෂික මහ සභා රැස්වීම උණුසුම් – පඩි වැඩි කරන යෝජනාවත් පරදී

ක්වන්ටාස් සමාගමේ කොටස්ලාභීන් අතර පැවති වාර්ෂික මහ සභා රැස්වීමේදී උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

මෑතකාලිනව සමාගම මුහුණපෑ ඇතැම් සිදුවීම් සහ පාරිභෝගිකයන්ට අත්විඳීමට සිදුවූ දුෂ්කරතා සම්බන්ධයෙන් සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරිනිය විසින් සමාව අයැද සිටි බව සඳහන්.

එමෙන්ම ලබන වසරේ පැවැත්වෙන මහ සභා රැස්වීමෙන් පසු තමා සභාපති ධුරයෙන් ඉවත් වන බවද සභාපති රිචඩ් ගොයිඩර් මෙහිදී නැවතත් අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත් කොටස් හිමියන් විසින් ක්වන්ටාස් ඉහළ කළමණාකාරීත්වය අද රැස්වීමේදී දැඩිව හෙළා දකිමින් අදහස් පළකර තිබෙනවා.

සමාව අයැද සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම ක්වන්ටාස් ඉහළ නිළධාරීන් වෙනුවෙන් යෝජනා වී ඇති වැටුප් වර්ධක ලබාදීමේ යෝජනාවක්ද කොටස් හිමියන් විසින් වැඩි ඡන්දයෙන් පරාජයට පත්කර ඇති බව සඳහන්.

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »