Search

NSW පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තවන අධි මාත්‍රා මත්පෙති විශේෂ 03 ක් ගැන අනතුරු ඇගවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින MDMA අධි මාත්‍රා මත්පෙති විශේෂ 3ක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

MDMA මත්පෙති වල ධාරිතාව සාමාන්‍ය මාත්‍රාව මෙන් දෙගුණයක් වන අතර සෞඛ්‍ය අංශ සදහන් කළේ අදාළ මත්පෙති ජනප්‍රිය චරිත මෙන්ම ප්‍රසිද්ධ කාටූන් චරිත ලාංඡන සහිත ඇසුරුම් වල අසුරා ඇති බවයි.

MDMA ප්‍රමාණය ඉක්මවා ශරිර ගතවුවහොත් ශරීර උෂ්ණත්වය ඉහළ යාම, වලිප්පුව මෙන්ම හෘද රෝග ඇතිවිය හැකි අතර ජීවිත හානිද සිදුවිය හැකි බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත්තේ.

මේ අතර පසුගිය මස සිඩ්නි හිදී පැවති සංගීත සංදර්ශනයකට සහභාගීවුවන් අතුරින් ප්‍රමාණය ඉක්මවා මත්ද්‍රව්‍ය භාවිත කල පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබුණා.

විශේෂයෙන් සංගීත ප්‍රසංග වැනි අධි උණුසුම් ස්ථාන වල අධි මාත්‍රික මත්පෙති භාවිත කිරීම හානිකර බවයි වාර්තා වන්නේ.

අධි මාත්‍රික මත්පෙති භාවිතයෙන් සංකුලතා ඇති වු පුද්ගලයින් 000 යන ක්ශණික දුරකතන අංකය ඇමතිමෙන් හදිසි ප්‍රතිකාර සේවා සමග සම්බන්ධ වන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාව දැනුවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එළඹෙන උත්සව සමයට සමගාමීම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අධි මාත්‍රික මත්පෙති වැටලීම් කටයුතු දිගින් දිගටම සිදු කෙරෙන අතර ඒ සදහා ජනතාවගේ ද සහය පොලීසිය අපේක්ෂා කරනවා.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »