Search

බෙදා හැරීමට නොහැකිවන පාර්සල් සඳහා Australia Post අලුත් වැඩක

බෙදා හැරීමට නොහැකිවන පාර්සල් පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා Australia Post විසින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එවැනි පාර්සල් දිනයේ වැඩ කරන වේලාව තුළදී අදාළ තැපැල් කාර්යාලයට භාරදීමට නොහැකි වන්නේ නම් පාරිභෝගිකයාගේ නිවසට ආසන්නයෙන්ම පිහිටා ඇති ලොකර් වෙත යොමු කෙරෙනු ඇති.

Australia Post MyPost ගිණුමක් ඇති පාරිභෝගිකයන් සඳහා AusPost ඇප්ලිකේෂනය හෝ SMS මාර්ගයෙන් ඒ බව දැනුම් දෙන අතර පැය 48 ක් තුළ දිනයේ ඕනෑම වේලාවක එය ඔවුන්ටම ලබාගත හැකියි.

දැනට මෙවැනි ලොකර් 700 කට වැඩි සංඛ්‍යාවක් ඔස්ටේ්‍රලියාව පුරා ස්ථාපිත කර ඇති අතර පාරිභෝගිකයාගේ නිවසේ සිට කිලෝමීටරයක් තුළ පිහිටා ඇති ආසන්නම Australia Post ලොකරය වෙත පාර්සලය යොමු කිරීමද විශේෂත්වයක්.

කෙසේවෙතත් මෙම සේවාව ලබා ගැනීම සඳහා AusPost ඇප්ලිකේෂන හරහා ලියාපදිංචි විය යුතුයි.

විශේෂයෙන් ඉදිරි නත්තල් කාල සීමාව තුළ තැපැල් කාරයාල තුළ පාර්සල් ගොඩ ගැසීම වළක්වා ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »