අගමැතිගේ චීන සංචාරයේදී වෙළඳ සබඳතා කෙරෙහි වැඩි අවධානයක්

සිය චීන නිල සංචාරයේදී වෙළඳ සබඳතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අගමැති ඇන්තනී ඇල්බනීස් තීරණය කර තිබෙනවා.

සිව් දින නිල සංචාරයක් සඳහා ඔහු හෙට දිනයේදී චීනය බලා පිටත්ව යාමට නියමිතයි.

ඔස්ට්‍රේලියා අගමැතිවරයෙකු චීන නිල සංචාරක් සඳහා මෙලෙස එක්වන්නේ 2016 වසරෙන් පසුව වීමද විශේෂත්වයක්.

පසුගිය වසර කිහිපය තුළ රටවල් දෙකම විසින් එකිනෙකාට එරෙහිව වෙළඳ සම්බාධක පණවනු ලැබූ අතර මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් ඒවා ලිහිල් වෙමිනුයි පවතින්නේ.

ඒ අනුව ඉදිරි මාසවලදී ඩොලර් බිලියන 2.5 ක වටිනාකමින් යුත් වෙළඳ ගණුදෙනු යලි ආරම්භවීමට නියමිතයි.

කෙසේවෙතත් ගව මස් සහ මුහුදු ආහාර සම්බන්ධ ගැටලුව විසඳා ගැනීමට තවත් දීර්ඝ කාලයක් ගතවනු ඇති බවටද අනාවැකි පළවනවා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »