සිඩ්නි බොන්ඩායි වෙරළ තීරයේ ඊශ්‍රායල පෝස්ටර් ඉවත් කල 02 කට දඩ

සිඩ්නි බොන්ඩායි වෙරළ තීරයේ ප්‍රදර්ශනය කර තිබූ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසකගේ ඡායාරූප ඇතුළත් පෝස්ටර් ඉවත් කල පුද්ගලයන් දෙදෙනෙකුට දඩ නියම කර තිබෙනවා.

25 හැවිරිදි සහ 40 හැවිරිදි දෙදෙනෙකුට මෙලෙස දඩ නියම වී ඇති බව සඳහන්.

ඊශ්‍රායල ජාතිකයන් 200 කට ආසන්න පිරිසක් මේ වනවිට හමාස් සංවිධානයේ අත්අඩංගුවේ පසුවන බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

ඔවුන් පිළිබඳ සහය පළකර මෙම පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබුණා.

චූදිතයන් දෙදෙනාට ඩොලර් 500 බැගින් දඩ නියම කර ඇති බවයි නිවු සවුත් වේල්ස් පොලිසිය කියාසිටියේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »