Scam ඇමතුම් අවහිර කිරීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක්

Scam ඝණයට ගැනෙන දුරකථන ඇමතුම් අවහිර කිරීම සඳහා සන්නිවේදන සමාගම් – බැංකු සහ රජයේ ආයතන ඒකාබද්ධ වැඩපිළිවෙලකට යොමුවී තිබෙනවා.

Call Stop ලෙස හඳුන්වාදී ඇති මෙම ප්‍රයත්නයේදී සිදුවන්නේ කිසියම් ආයතනයක් විසින් වංචා සහගත ඇමතුම් ලබාදෙන බවට හඳුනාගන්නා අංක අනෙක් ආයතන විසින්ද අවහිර කරනු ලැබීමයි.

මුල් දින කිහිපය තුළදී පමණක් එවැනි ඇමතුම් 1,300 ක් පමණ දැනටමත් අවහිර කර ඇති බවද සඳහන්.

ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසමේ වාර්තා අනුව මෙම වසර තුළදී පමණක් විවිධ වංචා ඇමතුම්වලට හසුවීමෙන් මෙරට ජනතාව අහිමි කරගෙන ඇති මුදල ඩොලර් මිලියන 92 කට අධිකයි.

නව වැඩපිළිවෙල හරහා ඩොලර් මිලියන ගණනක මුදලක් වංචාකරුවන්ගෙන් ගලවා ගැනීමට හැකිවන බවයි ප්‍රධාන සන්නිවේදන සමාගමක් වන ඔප්ටස් සමාගම පෙන්වා දෙන්නේ.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »