අධික උණුසුම සම්බන්ධ තුවාල සහ රෝගී තත්වයන් හේතුවෙන් ගතවූ වසර 10 ක කාලය තුළදී පුද්ගලයන් 7,000 කට වැඩි පිරිසක් රෝහල්ගත කර තිබෙනවා.
දැඩි උෂ්ණාධික කාලගුණය හේතුවෙන් වැඩි පිරිසක් රෝහල්ගත කර ඇති අතර ලැව්ගිනි හමුවේ සිදුවූ පිළිස්සීම් හේතුවෙන්ද සැළකිය යුතු පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව සඳහන්.
මෙම කාලය තුළදී 7,104 දෙනෙකු එලෙස රෝහල්ගත කර ඇති අතර මරණ 293 ක් වාර්තා වී තිබෙනවා.
වැඩිම රෝහල්ගත කිරීම් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් සටහන් වන අතර එය 717 ක්.
02 වන ස්ථානයට වික්ටෝරියා ප්‍රාන්තය පත්ව ඇත්තේ රෝහල්ගත කිරීම් 410 ක් සමගිනුයි.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් 348 ක් – දකුණු ඔස්ටේ්‍රලියාවෙන් 266 ක් – බටහිර ඔස්ටේ්‍රලියාවෙන් 267 ක් සහ Northern Territory ප්‍රාන්තයෙන් 73 ක් ලෙස රෝහල්ගත කිරීම් වාර්තා වී තිබෙනවා.
ACT ප්‍රාන්තයෙන් 23 ක් සහ ටස්මේනියාවෙන් 19 ක් ලෙස රෝහල්ගත කිරීම් සටහන් වී තිබෙනවා.