දකුණු ඔස්ට්‍රේලියා ගුරුවරුන් ලබන බ්‍රහස්පතින්දා නැවතත් වැඩ වර්ජනයක

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත ගුරුවරුන් ලබන බ්‍රහස්පතින්දා නැවතත් වැඩ වර්ජනයකට සූදානම් වනවා.

ලබාදීමට පොරොන්දුවූ වැටුප් වර්ධක සහ අනෙකුත් සේවා කොන්දේසි ඉහළ දැමීම් ඊට පෙර සිදුකල යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

වසර 03 ක් පුරා සියයට 03 බැගින් වැටුප් ඉහළ දැමීමට සහ එක් වරක් පමණක් ගෙවන දීමනාවක් ලබාදිමට ප්‍රාන්ත රජය විසින් එකගතාවය පළකරනු ලැබුවා.

එහෙත් ඊට වඩා පිළිගත හැකි යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙසයි ගුරු සංගම් විසින් ඉල්ලා සිටින්නේ.

එසේ නොවුණහොත් මේ දිනවල පැවැත්වෙන විභාග සඳහා බාධාවක් නොවන පරිදි ලබන බ්‍රහස්පතින්දා වර්ජනයක නිරතවීමටයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත ගුරු සංගම් තීරණය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »