පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙල් විධායක නිළධාරීන් 32 කට $ මිලියන 11 ක වැටුප් ගෙවලා

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රාජකාරි පවරා තිබූ නිළධාරීන්ට ගෙවන ලද වැටුප් සම්බන්ධයෙන් නිල තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය මූල්‍ය වර්ෂයේදී පමණක් ඔවුන් වෙනුවෙන් ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 11 කට අධික බවයි ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති ලේඛණයක දැක්වෙන්නේ.

තරගාවලි සංවිධාන කටයුතු වෙනුවෙන් පමණක් විධායක නිළධාරීන් 32 දෙනෙකු අනුයුක්ත කර තිබූ බව ද සඳහන්.

ඔවුන්ගෙන් එක් අයෙකුට ඩොලර් ලක්ෂ 005 කට අධික ගෙවීමක්ද – 11 දෙනෙකුට ඩොලර් ලක්ෂ 03 කට වැඩි ගෙවීම්ද – සෙසු පිරිසට ඩොලර් 180,000 ත් ඩොලර් ලක්ෂ 02 ත් අතර ගෙවීම් ද සිදුකර ඇති බවට හෙළිකරගෙන තිබෙනවා.

තරගාවලිය ඉහළ ගුණාත්මකභාවයක පවත්වාගෙන යනු පිණිස මෙවැනි ඉහළ ගෙවීම් සිදුකල බවයි එය සාධාරණීකරණය කරමින් ප්‍රාන්ත අගමැතිනි ජසින්ටා ඇලන් සඳහන් කලේ.

පළමුවෙන් ඩොලර් බිලියන 2.6 ක පිරිවැයකට තක්සේරු කල පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමස්ත පිරිවැය ඩොලර් බිලියන 07 ද ඉක්මවා යනු ඇතැයි පවසමින් එම සත්කාරකත්වයෙන් ඉවත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගනු ලැබුවා.

එහෙත් ඊට අදාළ වන්දි මුදල ලෙස තවත් ඩොලර් මිලියන 380 ක මුදලක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංවිධායකයන් වෙත ගෙවීමටද ඔවුන්ට සිදුව තිබෙනවා.

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »