ඔස්ට්‍රේලියාවේ 08 වන කොවිඩ් රැල්ල නිර්මාණය වෙමින් ඇතැයි අනතුරු ඇගවෙයි

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් 19 අටවන රැල්ල නිර්මාණය වෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවා තිබෙනවා.

ඒ පසුගිය කාලය තුල රට පුරා හදුනාගත් කොවිඩ් රෝගීන් ගණන සියයට 23.6 කින් ඉහල යෑමත් සමගයි.

දෛනික එන්නත්කරණ ක්‍රියාවලීන් නියමිත පරිදි සිදු වුව ද ඕස්ට්‍රේලියාව තුළ කොවිඩ් අවධානම පහව ගොස් නොමැති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

ඔක්තෝබර් 24 න් අවසන් වු සතිය තුල නව කොවිඩ් රෝගීන් 6,550 ක් හඳුනාගෙන ඇති අතර දිනකට හමුවන රෝගීන් ගණනෙහි සාමාන්‍යය 936 ක්.

වාර්තාගතවු රෝගීන් අතුරින් 1,245 ක් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන අතර ඉන් 31 දෙනෙකුගේ තත්වය බරපතල බැවින් දැඩිසත්කාර ඒකක වෙත ඇතුලත් කර තිබෙනවා.

වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වන විට නව කොවිඩ් රෝගීන් හදුනාගැනීමේ ප්‍රමාණය 04 ගුණයකින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත්තේ කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේදයන් තවදුරටත් වර්ධනය විය හැකි අතර ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂිත උපායමාර්ග අනුගමය කල යුතු බවයි.

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලාංකීය සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන අවස්ථා ඉහළ නංවමින් ඔස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය (Flinders University) සිය විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

Read More »

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »