Black Hawk වර්ගයේ හෙලිකොප්ටර් යානා 40ක් කඩිනමින් ඔස්ටේ්‍රලියානු ආරක්ෂන අංශ වෙත ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය එකගතාව පල කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් භාවිත කල MRH-90 Taipan හෙලිකොප්ටර වෙනුවට Black Hawk නව ආදේශකයක් වනු ඇති.
පසුගිය ජූලි මාසයේදී ක්වින්ස්ලන්ඩ් වෙරළට ඔබ්බෙන් Taipan හෙලිකොප්ටරයක් කඩා වැටීම හේතුවෙන් එහි ගමන්ගත් ආරක්ෂක නිලධාරීන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ක්‍රියාත්මකයි.
2024 වසරේ දෙසැම්බර් මස වන විට MRH-90 Taipan හෙලිකොප්ටර භාවිතයෙන් ඉවත් කිරීමටයි ආරක්ෂක ප්‍රධානීන් සැලසුම් කර තිබුණේ.
අදාළ Black Hawk හෙලිකොප්ටර මිලදී ගැනීම සදහා ඩොලර් බිලියන 2.8ක වියදමක් දැරීමට ෆෙඩරල් රජයට සිදුවනු ඇති බවයි ගණන් බලා ඇත්තේ.
කෙසේ වෙතත් Black Hawk හෙළිකොප්ටර ඔස්ටේ්‍රලියාව තුලට ගෙන්වන දිනයක් පිළිබද නිශ්චිත තොරතුරු ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කර නැහැ.