පිළිකා හේතුවෙන් මියයන ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් 45% කින් ඉහළට

පිළිකා රෝගය හේතුවෙන් මියයන ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව සියයට 45 කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රථමවරට පිලිකා මර්ධනය සදහා ජාතික උපාය මාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී ඇත්තේ.

පිළිකා අවධානම අතින් ඔස්ට්‍රේලියාව ඉහළ ස්ථානයක පසුවන අතර සෑම ඔස්ට්‍රේලියානුවෙකු සඳහාම අවශ්‍ය ප්‍රතිකාර සදහා සමාන අවස්ථා ඇති කිරීම ජාතික සැලැස්මෙහි අරමුණයි.

දස අවුරුදු සැළැස්මක් යටතේ අදාළ උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මකවීමට නියමිත අතර පිළිකා අවදානම පාලනය කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් සදහන් කර ඇත්තේ මෙම වසරේ ගතවු කාලසීමාව තුල පිළිකා රෝගීන් 164,000 කට වැඩි පිරිසක් ඔස්ට්‍රේලියාව තුලින් හඳුනා ගෙන ඇති බවයි.

කිසිදු භේදයකින් තොරව පහසුවෙන් ප්‍රතිකාර සදහා යොමුවීමට ද ජීවත හානිය අවම කිරීමය ද ජාතික පිලිකා මර්ධන උපාය මාර්ගික සැලැස්මට හැකියාව පවතින බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත්තේ.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහිපත් කළ බේරා ගැනීම

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහි ගැන්වූ පුවතක් බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති මයික්‍රොනීසියා නම් මිනිසුන් නොමැති දූපතකින් වාර්තා වී තිබෙනවා.

Read More »