
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 08 න් 07 ක් පසුගිය ඔක්තෝබර් මස සාමාන්‍ය උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක් වාර්තා කල බව කාළගුණ අංශ නිවේදනය කර තිබෙනවා.
මෙල්බන් නගරයේ පමණක් සාමාන්‍ය උෂ්ණත්වයට සාපේක්ෂව සෙල්සියස් අංශක 0.5 ක අඩු උෂ්ණත්වයක් වාර්තාකල බව සදහන්.
සිඩ්නි නුවර සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5 කට වැඩි අගයක් ගැනුනු අතර පර්ත් හි සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 2.9 ක ඉහළ අගයක් වාර්තා ගතව තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේ වාර්තාගතවු ඉහළම උෂ්ණත්වය සටහන්ව ඇත්තේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මධ්‍යම හා දකුණු ප්‍රදේශ වලින් වීම විශේෂත්වයක්.
රට පුරා පැවති අධික වියලි කාලගුණයත් සමග ප්‍රදේශ රැසක් ලැව්ගිනි අවධානමට ලක්ව ඇති අතර අවධානම් කලාප වලින් ජනතාව ඉවත් කර තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් මසට සාපේක්ෂව මෙවර සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.7 කින් ඉහළ ගොස් ඇති බවයි කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ.