ගාසා තීරයේ සිරවී සිටි ලාංකිකයින් 15 දෙනෙකුද ඊජිප්තුවට

ගාසා තීරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකුටද රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුළුවීමට අවසර ලැබී තිබෙනවා.

අද දහවල් වනවිට ඔවුන් ඊජිප්තුවට ළගා වීමට නියමිතයි.

සති 03 කට ආසන්න කාලයක් වසා දමා තිබූ රෆා පිවිසුම විවෘත කිරීමත් සමග විදේශිකයන් සිය ගණනකට එයින් පිටවී ඊජිප්තුව දක්වා ගමන් කිරීමට අවස්ථාව උදා වුනා.

අදාළ ලාංකිකයන් සඳහා අවශ්‍ය මැදිහත්වීම ඊජිප්තුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ පලස්තීනයේ පිහිටි නියෝජිත කාර්යාලය හරහා සිදුකෙරෙනු ඇති.

මේ අතර තවමත් අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකිකයා හමාස් සංවිධානයේ ග්‍රහණයට පත්ව ඇතැයි ඊශ්‍රායල තානාපතිවරයා විසින් දන්වා ඇති අතර ඔහු මුදා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතිනවා.

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »