Search

Wallabies පරාජයන් සම්බන්ධයෙන් සමාලෝචනයක්

ලෝක කුසලාන රග්බි තරගාවලියෙන් වොලබීස් හෙවත් ඔස්ට්‍රේලියානු ජාතික රග්බි කණ්ඩායමට මුල් අධියරේදීම ඉවත්වීමට සිදුවීම සම්බන්ධයෙන් සමාලෝචනයක් ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එඩී ජෝන්ස් ගේ පුහුණුකාරීත්වය යටතේ අවසන් පූර්ව වටයට පැමිණිමටත් පෙර ඉවත්වීමට සිදුවීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් මගින් අදාළ සමාලෝචනය සිදු කිරීමට නියමිතයි.

හිටපු රග්බි ක්‍රීඩකයන් මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මෙම කමිටුව සමන්විත වනවා.

2023 වසරේදී එඩී ජෝන්ස් ගේ පුහුණුකාරිත්වය යටතේ සහභාගී වු තරග 09 කින් වොලබීස් කණ්ටායමට ජයගත හැකිවුයේ තරග 02 ක් පමණයි.

රග්බි ඔස්ටේ්‍රලියා ප්‍රධාන විධායක ෆිල් වෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙලෙස තරග පරාජය වීම අභිමානවත් රග්බි ඉතිහාසයක් සහිත ඔස්ටේ්‍රලියානුවන්ගේ කාර්ය සාධනයට කැළලක් බවයි.

ඒ අනුව ක්‍රීඩා විශේෂඥයින්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් මගින් නව උපායමාර්ග සම්බන්ධ වාර්තාවක් මෙම වසර අවසානයට පෙර ඉදිරිපත් කිරීමට නියමිතයි.

වසර 05 ක පුහුණුකාර කොන්ත්‍රාත් කාලය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කල එඩී ජෝන්ස් දින කිහිපයකට පෙර එම තනතුරෙන් ඉල්ලා අස්වුනා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »