
වංචා වැළැක්වීමේ නීති කඩ කිරීම හේතුවෙන් ඔස්ටේ්‍රලියාවේ දැවැන්ත සුපිරි වෙළඳසැලක් වන K-mart සමාගමට එරෙහිව ඩොලර් මිලියන 1.5 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය සඳහන් කර ඇත්තේ 2022 වසරේ ජූලි මස සිට 2023 මැයි දක්වා කාලය තුළ K-mart ආයතනයට විරුද්ධව පැමිණිලි ලක්ෂ 02 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවයි.
අවසරයකින් තොරව පාරිභෝගිකයින් වෙත විද්්‍යුත් තැපෑල ඔස්සේ අලෙවිකරණ දැන්වීම් ප්‍රචාරණය කර ඇති බවටයි ඔවුන්ට එරෙහි චෝදනාව වන්නේ.

K-mart පාලනාධිකාරිය සදහන් කර ඇත්තේ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස පාරිභෝගික පැමිණිලි වෙත ප්‍රතිචාර දැක්වීමට නොහැකි වූ බවයි.
කෙසේවෙතත් වංචා වැළැක්වීමේ නීති කඩ කිරීම් නැවත සිදු නොවීමට තම ආයතනය කැපවීමෙන් සේවය කරන බව K-mart සමාගම සහතික වී තිබෙනවා.

මේ අතර විද්‍යුත් අලෙවිකරණයන් සිදු කෙරෙන සෑම ආයතනයක්ම අදාළ නීති වලට අනුකූලව කටයුතු කරන්නේ දැයි දෛනිකව සොයා බැලීම සදහා යාන්ත්‍රනයක් නිර්මාණය කිරීම කෙරෙහිද බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
පසුගිය මාස 18 ක කාලය තුළ වංචා වැළැක්වීමේ නීති කඩ කිරීම් වලට එරෙහිව ඔස්ට්‍රේලියානු ව්‍යාපාර රැසකට ඩොලර් මිලියන 12.5 ක දඩ නියම කිරීමට කටයුතු කර තිබෙනවා.