ඔස්ට්‍රේලියා තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාර්ෂ් ලෝක කුසලානයෙන් ඉවතට

ඔස්ට්‍රේලියා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මිචෙල් මාර්ෂ් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

පුද්ගලික හේතුවක් මත ඔහු තරගාවලියෙන් ඉවත්වී ඇති අතර මේ වනවිට පර්ත් නුවර පිහිටි සිය නිවස වෙත පැමිණ ඇති බව සඳහන්.

මිචෙල් මාර්ෂ් වෙනුවට කණ්ඩායමට නම් කරන ක්‍රීඩකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නැහැ.

මේ අනුව ලබන සෙනසුරාදා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයට ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ සහභාගීත්වය ඔස්ට්‍රේලියාවට අහිමිවී තිබෙනවා.

ගොල්ෆ් ක්‍රීඩාංගණයකදී සිදුවූ අනතුරකින් ආබාධයකට ලක්වූ ග්ලෙන් මැක්ස්වෙල් ද මේ වනවිට ප්‍රතිකාර ලබමිනුයි පසුවන්නේ.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ සිට පැමිණි සරණාගතයෙක් සිඩ්නි පිහි ඇනුමට ලක්වූවන් අතර

සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් පිහි ඇනුමෙන් මියගිය අය අතර ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගිය පකිස්ථාන සරණාගතයෙක් ද වන බව අනාවරණ වී තිබෙනවා.

Read More »