Search

වික්ටෝරියා නාසි සංකේත නව නීති යටතේ නඩු පවරනු ලැබූ පළමු පුද්ගලයා

වික්ටෝරියා ප්‍රාන්තයේ නාසි සංකේත නව නීති යටතේ නඩු පවරනු ලැබූ පළමු පුද්ගලයා බවට 24 හැවිරිදි තැනැත්තෙකු පත්වී තිබෙනවා.

2021 වසරේදී වික්ටෝරියා හි කඳු නගින්නන් පිරිසකට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම තැනැත්තා පසුගිය සිකුරාදා මෙල්බන් අධිකරණයක් හමුවේ පෙනී සිට තිබුණා.

අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මොහු අධිකරණය ඉදිරිපිටදී නාසි සංකේතයක් බවට සැළකෙන හස්ත සංඥාවක් ප්‍රදර්ශනය කර හිට්ලර් ඇගයීමට ලක් කෙරෙන අදහස් පළකර ඇති බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ නාසි සංකේත තහනම් නව නීති පසුගිය 21 වනදා සිට බලාත්මක වන අතර ඒ යටතේ නඩු පවරනු ලැබූ පළමු පුද්ගලයා බවට පොයින්ට් කුක් හි පදිංචි මොහු අද දිනයේදී පත්වුනා.

වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය අවධාරණය කරන්නේ තහනම් නාසි සංකේත ප්‍රදර්ශනය සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »