Search

පලස්තීන හිතවාදීන්ගෙන් අගමැති ඇල්බනීස් ට මෙල්බන් හිදී බාධා

මෙල්බන් හිදී පැවැත්වෙන සමුලුවකට සහභාගී වූ අගමැති ඇන්තනී ඇල්බනීස් ට පලස්තීන හිතවාදීන් පිරිසකගෙන් බාධා එල්ල වි තිබෙනවා.

භාණ්ඩාගාරික ජිම් චාමර්ස් ද සහභාගී වූ සමුලුවකදීයි මෙය වාර්තා වී ඇත්තේ.

එම ගොඩනැගිල්ලෙන් පිටත රැඳී සිටි පලස්තීන හිතවාදීන් විසින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අගමැතිවරයාට විරෝධය පළකර ඇති බව සඳහන්.

ඊශ්‍රායලයට සහය දැක්වීමටත් ගාසා තීරයේ සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාර හෙළා නොදැකීමටත් ඇන්තනී ඇල්බනීස් විසින් අනුගමනය කරන පිළිවෙත හෙළා දකින බවයි උද්ඝෝෂකයන් පවසා ඇත්තේ.

මෙම විරෝධතාවයට සහභාගී වූ බහුතරයක් වික්ටෝරියා ප්‍රාන්තයේ අධ්‍යාපනය හදාරන සිසුන් බවටද හඳුනාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »