Search

03 කට මරු කැඳවූ විෂ හතු ආහාරය සකස් කල කාන්තාව වික්ටෝරියා හිදී අත්අඩංගුවට

පුද්ගලයන් 03 දෙනෙකුට මරු කැඳවූ විෂ සහිත හතු ආහාරය සකස් කල කාන්තාව නැගෙනහිර වික්ටෝරියා හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජූලි 29 වනදා ඇය විසින් සකස් කරනු ලැබූ දිවා ආහාරය භාවිතයට ගැනීමෙනුයි ගිප්ස්ලන්ඩ් හිදී පුද්ගලයන් 03 දෙනෙකු මරණයට පත්වූයේ.

අත්අඩංගුවට ගත් 49 හැවිරිදි කාන්තාවගේ නිවසද ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා.

කෙසේවෙතත් ඇයට එරෙහිව මෙතෙක් කිසිදු චෝදනා ගොණු කිරීමක් සිදුවී නැහැ.

මෙහිදී මරණයට පත්වූයේ 66 හැවිරිදි කාන්තාවක සහ ඇයගේ සහෝදරිය වන 70 හැවිරිදි කාන්තාවක සහ සහෝදරියගේ සැමියා වන 70 හැවිරිදි අයෙකුයි.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »