කෝටාව ඉක්මවා සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගෙන ඇතැයි චෝදනා

නිවාස අර්බුදය සහ උද්ධමනය වැනි කරුණු පිළිබඳ විසඳුම් සේවීමකින් තොරව අසීමිත ලෙස සංක්‍රමණිකයන් රටට ගෙන්වා ගැනීමෙන් වත්මන් ලේබර් පක්ෂ රජය අර්බුද රැසක් නිර්මාණය කර ඇති බවට One Nation පක්ෂය චෝදනා කරනවා.

2023-24 මූල්‍ය වර්ෂය සඳහා පසුගිය අයවැයේදී යෝජනා වී තිබුණේ සංක්‍රමණිකයන් 315,000 ක කෝටාවක් සඳහායි.

එහෙත් මෙම වසරේ අගොස්තු මාසය වනවිට පමණක් 413,530 ක පිරිසක් විවිධ වීසා කාණ්ඩ යටතේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවයි සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

මෙම ප්‍රවණතාවය අඛණ්ඩව පැවතියහොත් වසර අවසානය වනවිට සංක්‍රමණිකයන් සංඛ්‍යාව ලක්ෂ 05 ද ඉක්මවනු ඇති බවටත් අනාවැකි පළවනවා.

පැවති ලිබරල් සන්ධාන රජයේ මෙන්ම වත්මන් ලේබර් පක්ෂ රජයේ දුර්වල සංක්‍රමණ පිළිවෙත් මීට හේතුවී ඇති බවටයි One Nation පක්ෂය චෝදනා කරන්නේ.

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

Read More »

අවුරුදු ගීතයක් විකෘති කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ අලුත් අවුරුදු ගීතයක් විකෘත කිරීමේ චෝදනා මත සුරාබදු නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Read More »

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »