Search

ඔස්ට්‍රේලියානුවන් එකවර විශාල ප්‍රමාණයන්ගෙන් භාණ්ඩ මිළදී ගැනීමට කැමැත්තක්

උද්ධමනයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු සේවකයන්ගේ ජීවන වියදම වැඩි වේගයකින් ඉහළයමින් පවතින බවට අනාවරණය වී තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශ දත්ත අනුව සැප්තැම්බර් කාර්තුවේදී මෙරට සේවකයන්ගේ ජීවන වියදම සියයට 02 කින් වර්ධනය වී ඇති බව සඳහන්.

පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී එහි ඉහළයාම සටහන් වන්නේ සියයට 09 ක් ලෙසයි.

උකස් පොළී ගෙවීම් මෙම කාර්තුවේදී සියයට 9.3 ක් ලෙස ඉහළයාම ජිවන වියදම් දර්ශක වැඩිවීමට ප්‍රධානම වශයෙන් බලපා තිබෙනවා.

මේ අතර වැඩි ප්‍රසාද දීමනා සහ වටට්ම ලබා ගැනීමේ අරමුණ ඇතිව ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් එකවර විශාල ප්‍රමාණයන්ගෙන් භාණ්ඩ මිළදී ගැනීමට කැමැත්තක් දක්වන බවටද හෙළිකරගෙන තිබෙනවා.

ඉදිරි උත්සව සමයේදී මෙම තත්වය තවත් කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඔස්ට්‍රේලියාවෙන් වසර 20කට ක්‍රිකට් තහනමක්

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Read More »