Search

අපද්‍රව්‍ය ප්‍රමාණය අනුව ගාස්තු අය කිරීමට දකුණු ඔස්ට්‍රේලියා රජය සැරසෙයි

ඉවත ලක අපද්‍රව්‍ය ප්‍රමාණය අනුව ගාස්තුවක් අය කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් ගෙන ඒමට යන යෝජනාවට ජනතාවගෙන් දැඩි අප්‍රසාදයක් එල්ල වී තිබෙනවා.

බැහැර කරන අපද්‍රව්‍ය කිලෝ ප්‍රමාණය අනුව ගාස්තු අය කිරීමෙන් කසළ සුලු ප්‍රමාණයක් ඉවත ලන ජනතාවට සාධාරණයක් ඉටුවනු ඇතැයි උපකල්පනය කරමිනුයි මෙම නීතිය ගෙන ඒමට නියමිතව ඇත්තේ.

එහෙත් එය සාමාන්‍ය ගාස්තු ක්‍රමවේදයෙන් බැහැර බවටයි ප්‍රාන්තවාසීන් චෝදනා කරන්නේ.

මෙම යෝජනාව හරහා දකුණු ඔස්ට්‍රේලියාවේ කසළ එක් රැස් කිරීමේ ක්‍රියාවලිය කිසිදු ආකාරයකින් අඩපණ නොවන බවයි ප්‍රාන්ත අගමැතිවරයා අවධාරණය කරන්නේ.

මෙය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින යෝජනාවක් පමණක් බැවින් ඉදිරියේදී ඇතැම්විට සංශෝධන ගණනාවකට යටත්වනු ඇති බවයි පැවසෙන්නේ.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »