Search

ACT ප්‍රාන්තයේ අපරාධ සඳහා වගකිව යුතු අවම වයස අවුරුදු 14 දක්වා ඉහළට

අපරාධ සඳහා වගකිව යුතු අවම වයස අවුරුදු 14 දක්වා ඉහළ දමමින් ACT ප්‍රාන්ත පාර්ලිමේන්තුව විසින් නව නීතියක් සම්මත කරගෙන තිබෙනවා.

දැනට Northern Territory හි එම වයස අවුරුදු 12 ක් ලෙස පවතින අතර අනෙකුත් සෑම ප්‍රාන්තයකම අවුරුදු 10 ලෙසයි පවතින්නේ.

මේ අනුව 2025 වසරේ මැද භාගයේ සිට ප්‍රාන්තයේ වයස අවුරුදු 14 ට අඩු දරුවන් කිසියම් අපරාධයකට සම්බන්ධ වුවද ඔවුන්ට එරෙහිව ළමා රැඳවුම් ක්‍රියාවලි අනුගමනය කිරීමක් සිදුවන්නේ නැහැ.

කෙසේවෙතත් ACT  ප්‍රාන්ත විපක්ෂය ඉල්ලා තිබුණේ මෙම වයස් සීමාව අවුරුදු 12 හි තබාගත්තේ නම් වඩාත් යෝග්‍ය බවයි.

ඇතැම් යෞවන යෞවනියන් සිතා මතා කරන වැරදි හමුවේ ඔවුන්ට දඩුවම් නියම කිරීම මෙම නව නීතියත් සමග අසීරු වනු ඇති බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »