ඇඩිලේඩ් ළමා රෝහලක ශ්‍රවණාධාර සවිකිරීමෙන් අගතියට පත් ළමුන්ට $ මිලියන 1.48 ක වන්දි

ඇඩිලේඩ් ළමා රෝහලක් තුල ශ්‍රවණාධාර උපකරණ සවිකිරීමෙන් අගතියට පත් ළමුන් සඳහා ඩොලර් මිලියන 1.48 ක වන්දි පිරිනැමීමට දකුණු ඔස්ට්‍රේලියා රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අගතියට පත් පවුල් 120 ක් අතුරින් දරුවන් 54 දෙනෙකු සදහා අධියර දෙකක් යටතේ අදාළ වන්දී ගෙවීම් සිදු කර අවසන් බවයි වාර්තා වන්නේ.

අගතියට පත් ඉතිරි පවුල් 70 සදහා අදාළ තක්සේරු අවසන් වීමත් සමග වන්දි පිරිනැමිමට කටයුතු කරන බව දකුණු ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

2006 වසරේ සිට කොක්ලියර් නම් මෙම ශ්‍රවණාධාර සවි කල ළමුන් 208 දෙනෙකුට පමණ එමගින් අහිතකර ප්‍රථිඵල උදාවී ඇති බව තහවුරුවීමත් සමග ඒ පිළිබද තොරතුරු ප්‍රසිද්ධියට පත් කෙරුණා.

මූලික ගෙවීමක් ලෙස වැඩි අවධානමක් සහිත දරුවන්ගේ පවුල් වෙත ඩොලර් 50,000 ක මුදලක් ද බලපෑම අවම දරුවන්ගේ පවුල් සදහා ඩොලර් 5,000 ක මිලක් නියම කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

රෝහල් ක්‍රියාමාර්ග – ප්‍රතිපත්තිමය ගැටලු සහ සායනික පුහුණුවල පවතින අඩුපාඩුකම් මෙම තත්වය සදහා හේතු වී ඇති අතර අගතියට පත් පවුල් සදහා නිසි උපදේශන ලබා දීම කෙරෙහි ද බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »