ඔස්ට්‍රේලියාවේ නිවසක සාමාන්‍ය මිළ $ 759,000 දක්වා ඉහළට

ඔස්ට්‍රේලියාවේ නිවාසවල නවතම මධ්‍යයන මිළ ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව නිවසක සාමාන්‍ය අගය ඩොලර් 759,000 දක්වා ඉහළ ගොස් ඇති බවටයි ජාතික නිවාස මිල දර්ශක දත්ත මගින් හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව නිවාස මිල ගණන් ඉහළම නගරය ලෙස සිඩ්නි නම් කර ඇති අතර එහි නිවසක සාමාන්‍ය මිළ ඩොලර් මිලියන 1.07 ක්.

මේ අතර මෙල්බන් හි නිවාස මිල අගය ඩොලර් 815,000 ක් ද බ්‍රිස්බන් හි එම අගය ඩොලර් 773,000 ක් සහ ඇඩිලේඩ් හි නිවාස මිළ අගය ඩොලර් 697,000 ක් ද ලෙසයි සටහන්ව ඇත්තේ.

නිවාස මිළ අගය වාර්තාගත ලෙස පසුගිය ඔක්තෝබර් මාසයේදී සියයට 0.36 කින් ඉහළ ගොස් තිබෙනවා.

වාර්තා පෙන්වා දෙන්නේ නිවාස ඇතුලූ දේපළ මිළ ගණන්වල මෙම වසරේදී සමස්ත ඉහළයාම සියයට 05 ක් ලෙස සටහන් වන බවයි.

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »