ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසී රියදුරන්ට තම ස්මාර්ට් දුරකථන ඔස්සේ ඩිජිටල් රියදුරු බලපත්‍රය වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
කෙසේවෙතත් පද්ධතියෙහි වු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම සේවාව ප්‍රමාද විය හැකි බවටයි ප්‍රාන්ත රජය නිවේදනය කර ඇත්තේ.
අදාළ ඩිජිටල් රියදුරු බපලත්‍රය වලංගු අනන්‍යතා සහතිකයක් වන බැවින් විවිධ කටයුතුවලදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා සාමාන්‍ය රියදුරු බලපත්‍රය මෙන්ම මෙම ඩිජිටල් රියදුරු බලපත්‍රය ද භාවිත කිරීමේ හැකියාව පවතිනවා.
ලොව පවතින ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්වීන්ස්ලන්ඩ් ඩිජිටල් රියදුරු බලපත්‍රය හඳුන්වාදී තිබීමද විශේෂත්වයක්.
අදාළ ඇප්ලිකේෂනය නිල වශයෙන් මුදා හැර පැය කිහිපයක් තුළ ක්වීන්ස්ලන්ඩ් වැසියන් 5,800 ක් පමණ ඩිජිටල් රියදුරු බලපත්‍රය භාගත කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරි දින කිහිපය තුළ තාක්ෂණික දෝෂ හැකි ඉක්මනින් යථා තත්වයට පත් කරන බව ද බලධාරීන් පවසනවා.
කෙසේ වෙතත් දැනට පවතින භෞතික රියදුරු බලපත්‍රය කල් ඉකුත් වු විට අදාල මුදල් ගෙවා එය නැවත අලූත් කර ගැනීම ද අනිවාර්ය වනවා.