පොලී අනුපාතික ඉහළයාම අනිවාර්යයයි – ප්‍රධාන ආර්ථික විද්‍යාඥයන් අනතුරු අගවයි

ලබන 07 වනදා බැංකු පොලී අනුපාතික අගයන් අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇති බවට ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යාඥයන් රැසක් අනතුරු අගවා තිබෙනවා.

ආර්ථික විශේෂඥයින් 35 දෙනෙක් අතුරින් 33 දෙනෙකුම අනාවැකි පල කර ඇත්තේ ඉදිරි සතිය තුළ බැංකු පොලී අනුපාතිකය සියයට 4.35 දක්වා ඉහළ යා හැකි බවටයි.

මේ අතර බැංකු පොලී අනුපාතිකය සියයට 4.6 ක් දක්වා ඉහළ යෑමේ සම්භාවිතාවක් බවතින බවට ප්‍රමුඛ පෙලේ ආර්ථික විශේෂඥයින් 09 දෙනෙකු පුරෝකථනය කර තිබෙනවා.

රටේ උද්ධමනය සැලකිය යුතු මට්ටමින් ඉහළ යාම බැංකු පොලී අනුපාතිකය කෙරෙහි සෘජු බලපෑමන් එල්ල කර ඇති අතර පසුගිය මාසය තුළ වෙළදපළ උද්ධමනය සියයට 1.2 කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ආර්ථික ඉලක්කයන් සපුරා ගැනීමට නොහැකි වන්නේ නම් වසරේ 13 වන වරටත් පොලී අනුපාතිකය ඉහළ දැමීමට සිදුවන බව මහබැංකු අධිපති මිචෙල් බුලොක් පවසා තිබුණා.

ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයට බලපෑම් එල්ල කර ඇති දැවැන්ත සුළි කුණාටු හේතුවෙන් ඩුබායි ගුවන් තොටුපළ කටයුතුවලට දැඩි බාධා මතුවී තිබෙනවා.

Read More »

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »